Monday, April 29, 2024

General line - 0115112241

යාපනය විශ්ව විද්‍යාලයේ නිසි බලධාරියා ලෙස මහාචාර්ය කන්දසාමි පත් කරයි

මාධව කුලසූරිය




යාපනය විශ්ව විද්‍යාලයේ නිසි බලධාරියා ලෙස මහාචාර්ය කන්දසාමි කදිර්ගාමනාදන් ඊයේ (07) පත් කොට ඇති බව විශ්ව විද්‍යාල පාලක සභාව පවසනවා.

විශ්ව විද්‍යාලයේ උප කුලපති රත්නම් විග්නේශ්වරන් ඉවත් කිරීමෙන් අනතුරුව මහාචාර්ය කන්දසාමි කදිර්ගාමනාදන් මෙලෙස පත් කොට ඇති බවයි වාර්තා වුණේ.

විශ්ව විද්‍යාලයට  උප කුලපතිවරයෙකු පත් කරනතෙක් මහාචාර්ය කන්දසාමි කදිර්ගාමනාදන් විශ්ව විද්‍යාලයේ නිසි බලධරයා ලෙස පත් කොට තිබෙනවා.

ඔහු භෞතික විද්‍යාව පිළිබඳ සම්මානනීය මහාචාර්යවරයෙකු වන අතර, භෞතික විද්‍යාව පිළිබඳ පරීක්ෂණ රැසක් වෙනුවෙන් දායකත්වය සපයා ඇති අයෙක්.