Monday, April 29, 2024

General line - 0115112241

වෙසක් ගැන රජයේ තීරණය

ලහිරු කපුගේ




මෙවර රාජ්‍ය වෙසක් උත්සවය දින දෙකකට සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, බෞද්ධ උපදේශක සභාවේ පැවති සාකච්ඡාවකට අනුවයි.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ගාල්ල, තෙල්වත්ත, තොටගමුව රන්පත් රජ මහා විහාරස්ථානයේදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා සඳහන් කළේ ප‍්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සමරන බවයි. කිසිඳු ප‍්‍රදර්ශන කුටි ද ඊට ඇතුළත් නොවන බවයි ප‍්‍රකාශ කෙරුණේ.

මෙවර වෙසක් දින සැමරුමේදී ජනතාවගේ කැපී පෙනෙන දායකත්වයක් අපේක්‍ෂා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර අස්ගිරි, මල්වතු පාර්ශ්ව මෙන්ම අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහා නාහිමිවරුන්ද පෙන්වා දෙන්නේ මෙවර වෙසක් පුන් පොහෝ දිනයේදී අධ්‍යාත්මික පෝෂණය උදෙසා ප‍්‍රමුඛතාවය ලබාදෙමින් ජනතාව ඒකරාශි කරන බාහිර සැණකෙළි හා උත්සව ආදියෙන් වැළකීම වඩාත් සුදුසු බවයි.