Monday, April 29, 2024

General line - 0115112241

මාතලේ සිද්ධියෙන් පසු 05ක් අත්අඩංගුවට

තරංග රුක්ෂාන්/දිල්ෂාන් තුෂාර




මාතලේ, වරකාමුර ප‍්‍රදේශයේදී ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ ඊයේ (07) රාති‍්‍රයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවකින් පසු මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කිසියම් ප‍්‍රචාරක පුවරුවක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග යාම ඊට හේතුවී තිබෙනවා. මේ වනවිට ගැටළුව සමථයකට පත්ව ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා.