Monday, April 29, 2024

General line - 0115112241

ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කර ගැනීමට පොලිසියට අල්ලස් දීලා




අත්අඩංගුවේ පසුවන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කිරීමට සහාය ලබා ගැනීමට පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකුට අල්ලස් ලබා දුන් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට මෙලෙස අල්ලස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

අදාළ සැකකරු විසින් මෙලෙස රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් අල්ලස් වශයෙන් ලබාදී ඇති අතර ඔහු විසින් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.