Monday, April 29, 2024

General line - 0115112241

සංචාරක ක්ෂේත්‍රයේ අය ලබාගත් ණය ගෙවීම සඳහා සහන කාලයක් ඇතුළු කැබිනට් තීරණ සියල්ල මෙතැනින්




සංචාරක ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්ත සහ පුද්ගලයින් විසින් ලබා ගෙන ඇති ණය ගෙවීම් සඳහා සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. 

ණය ප්‍රතිලේඛනගත කිරීම, අවුරුදු 02ක ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව රජය විසින් සඵල පොලී අනුපාතිකයෙන් 75% ක් දරනු ලබන කාරක ප්‍රාග්ධන ණය පහසුකමක් 'එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ ලබා දීම, පොෟද්ගලික ආයතනවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආනයනය කරනු ලබන ආරක්ෂක උපාංග සඳහා බදු නිදහස් කිරීම සහ තවත් සහන රැසක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ජාතික චිත‍්‍රපට සංස්ථාව විසින් සිනමා ශාලාවල මත්පැන් අළෙවි බලපත‍්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා. සිනමා ශාලාවල මත්පැන් අළෙවි සැල් ස්ථාපිත කිරීමට තීරණය කර තිබුණේ වැඩි සිනමා පේ‍්‍රක්‍ෂකයින් සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමේ අරමුණින්.

එහෙත් මත්පැන් සහ දුම්වැටි පානය කරන්නන් හේතුවෙන් සිදුවන අපහසුතා සලකා සෙසු පේ‍්‍රක්‍ෂකයින් සිනමා ශාලා වෙත පැමිණීම අඩුවී ඇති බවටයි නිරීක්‍ෂණය වී ඇත්තේ. ඒ අනුව සිනමා ශාලාවල මත්පැන් අළෙවිහල් බලපත‍්‍ර සදහා නිකුත් කළ නිර්දේශ ලිපි මින් ඉදිරියට නිකුත් කිරීම අත්හිටුවීමටයි සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

ඒ ඇතුළු ඊයේ (07) රැස් වූ කැබිනට් මණ්ඩලය ගත් නව තීරණ සියල්ල පහතින් දැක්වෙයි.