Thursday, May 16, 2024

General line - 0115112241

ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණේ සාකච්ඡා විනාඩි 30කට සීමා වෙයි (UPDATE)

මහේෂ් චතුරංග




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර පිහිටුවීමට නියමිත නව සන්ධානය පිළිබඳ තවත් සාකච්ඡාවක් අද (09) පැවැත්වුණා.

ඒ, විපක්‍ෂ නායක කාර්යාලයේදීයි.

විනාඩි 30 ක පමණ කාලයක් දෙපාර්ශවය සාකච්ඡාවේ නිරත වූ බව එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. දෙපාර්ශවය අතර මීළග සාකච්ඡා වටය ලබන 30 වැනිදා පැවැත්වීමටයි එහිදී තීරණය කර ඇත්තේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර සහ තිලංග සුමතිපාල යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ පක්‍ෂයේ උපදේශක මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මෙම සාකච්ඡාව සදහා එක් වුණා. 

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සාකච්ඡාව සඳහා සහභාගි වුණේ එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ කථිකාචාර්ය ජගත් වැල්ලවත්තයි.

නව සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මීට පෙර අවස්ථා තුනකදී ද රැස්වී සාකච්ඡා කළා.
 

 

----------------------

සිව්වන වටයේ සාකච්ඡාව ඇරඹෙයි

(09-05-2019 10:35)

 

නව සන්ධානය ගොඩනැගීම සඳහා වන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සිව්වන වටයේ සාකච්ඡාව ආරම්භ වී තිබෙනවා.

ඒ විපක්ෂ නායක කාර්යාලයේදීයි.

අදාළ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, රෝහන ලක්ෂ්මන් පියදාස සහ  පොදුජන පෙරමුණ වෙනුවෙන් ජී.එල්. පීරිස්, ජගත් වැල්ලවත්ත ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.