Thursday, May 16, 2024

General line - 0115112241

මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයේ කොටස් අයිතිය ඇති පුත්‍රයෙක් ගැන මැතිසබයේදී කතාබහක්

සමන්ත කුමාර




මඩකලපුව, පුනානි ප‍්‍රදේශයේ ඉදිකර ඇති ශරියා විශ්ව විද්‍යාලයේ රුපියල් මිලියන 500 ක කොටස් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ පුත‍්‍රයාට අයත් වන්නේ් කෙසේද යන්න පිළිබඳ සොයා බැලිය යුතු බව අද (09) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ මතුකළ ප‍්‍රශ්නයකට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පිිළිතුරු ලබාදුන්නා.

එහිදී "මෙය පිටුපස ඇති කතාව සොයා ගැනීම සඳහා පරීක්ෂණයක් පැවැත්වීම සුදුසුයි කියලා මම හිතනවා.." යනුවෙන්ද සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකිම්ගේ මතය කුමක් දැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ "මේ වන විට මේ සම්බන්ධයෙන් විවිධ සැක කරුණු මතුවෙලා තියෙනවා.. ඒ නිසා සිදු කරන පරීක්ෂණ නිවරැදිව සිදු කරන්න ඕනේ." යනුවෙනි. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමින්ද විජේසිරිද එම සංවාදයට එක් වුණා.