Sunday, April 28, 2024

General line - 0115112241

සැක සහිත ඡායාරූප සමග තවත් මවුලවිවරයෙක් රාජගිරියේදී කොටුවෙයි

හේමන්ත කහවලගේ




සැක සහිත ඡායාරූප සහ කැසට් පට කිහිපයක් සමග මවුලවීවරයෙකු රාජගිරිය නාවල පාරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල ඡායාරූප පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී ඉලක්කයක් වූ කොච්චිකඩේ දේවස්ථානය දැක්වෙන ඒවායි.

මෙම මවුලවීවරයා මීට පෙර රාජගිරිය මුස්ලිම් දේවස්ථානයේ සිට මුස්ලිම්වරුන් විසින්ම එයින් පලවා හැරි අයෙකු බවද වාර්තා වනවා.

ඔහු අන්තවාදී දේශන ද පැවැත්වූවෙකු බවයි පැවසෙන්නේ. මුස්ලිම්වරුන් ඔහු සමග විරසක වී ඇත්තේ ද ඒ අනුව බව විශ්වාස කෙරෙනවා. 

මේ අතර ප‍්‍රමුඛ පෙලේ පරිඝනක තාක්ෂණ ආයතනයක සේවකයෙකු ද අද අත්අඩංගුවට ගැනුණා.

තුරුකිය සහ සිරියවේ කෙරුණු ආයුධ පුහුණු සම්බන්ධයෙන් ඔහුගේ සම්බන්ධතා ඇති බවයි සැක කෙරෙන්නේ.