Sunday, May 5, 2024

General line - 0115112241

ඥණසාර හිමියන්ට එරෙහි නඩුවක් කල්යයි

අධිකරණ වාර්තාකරු




පොලිස් නිලධාරීන්ගේ රාජකාරි වලට බාධා කිරීමේ චෝදනා යටතේ පුජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවකින් උන්වහන්සේ නිදහස් කරන ලෙස විත්ති පාර්ශවය අද (10) අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාහගයට ගත් අවස්ථාවේදීයි.

2017 වසරේ වැලිකඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය නිවාරණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ රාජකාරීවලට බාධා කර ඇති බවටයි ඥාණසාර හිමියන්ට එම නඩුව මගින් චෝදනා එල්ලකර ඇත්තේ. අදාළ චෝදනා පදනම් විරහිත බවත් එබැවින් සිය සේවාදායකයා නඩුවෙන් නිදහස් කරන ලෙසත්, පූජ්‍ය ගළගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙනුවෙන් පෙනීසිටි  ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම සම්බන්ධයෙන් නිතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම එහිදී නියෝග කළා. මෙම නඩුව ජුනි මස 07වනදා යලි කැදවීමට නියමිතයි.