Wednesday, May 8, 2024

General line - 0115112241

ත්‍රස්ත ප්‍රහාරයෙන් හානිවූ දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අගරදගුරු හිමියන්ගේ අවධානයට




පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් හානි වූ දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් කොළඹ අගරදගුරු නිල නිවසේදී පවත්වා තිබෙනවා. එහිදී කොච්චිකඬේ ශාන්ත අන්තෝනි, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් සහ මඩකලපුව සියෝන් යන දේවස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අවධානය යොමු කෙරුණු බවයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය පැවසුවේ.

කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වන්නේ අදියර 02ක් යටතේයි. මෙම දේවස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය සිමෙන්ති සහ තීන්ත ආලේප කිරීම සඳහා අවශ්‍ය තීන්ත නොමිලේ ලබාදීමට පෞද්ගලික ආයතන 02ක් එකඟතාව පළ කර ඇති බවද අමාත්‍යංශය ප්‍රකාශ කළා.