Tuesday, May 7, 2024

General line - 0115112241

හෙට දිනයේදී දිස්ත්‍රික්ක 09කට මිනිස් සිරුරට බලපෑම් එල්ලවිය හැකි තරම් උණුසුම් කාලගුණයක්




හෙට (13) දිනයේ ද දිවයිනේ දිස්ත්‍රික්ක 09කට මිනිස් සිරුරට බලපෑම් එල්ල විය හැකි තරමේ උණුසුම් සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ත්‍රීකුණාමලය, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය, මඩකලපුව, අම්පාර, කුරුණෑගල සහ මොණරාගල එම දිස්ත්‍රික්ක 09යි.

මීට අමතරව උතුරුමැද පළාතේ ඇතැම් ස්ථානවලට ද උණුසුම් කාලගුණික තත්වය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් වැඩබිම්වල සහ එළිමහනේ කටයුතු කරන පුද්ගලයින් මෙන්ම වැඩිහිටියන් සහ කුඩා ළමුන් පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කරන ලෙසයි දැනුම් දෙන්නේ. සුදු සහ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට උපදෙස් දී තිබෙනවා.