Tuesday, May 7, 2024

General line - 0115112241

පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ඇරඹීමට සියල්ල සූදානම්

කමල් සුරවීර / ජේ ඒ එල් ජයසිංහ




ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් හෙට දිනයේ දරුවන් පාසල් වෙත එවන්නැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ සියලු මව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

මේ අතර දෙවන පාසල් වාරයේ දෙවන අදියර හෙට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ, පළමු ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය දක්වා සිසුන් වෙනුවෙන්. 05 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් ඉකුත් 06වනදා පාසල් ආරම්භ කෙරුණා. මේ වනවිට සියලු පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.