Tuesday, May 7, 2024

General line - 0115112241

ප්‍රහාරයක් පිළිබඳ වාර්තා ආරක්ෂක අංශ ප්‍රතික්ෂේප කරයි




හෙට දිනයේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව ආරක්ෂක ප්‍රධානීන් අවධාරණය කරනවා. ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ ප්‍රකාශ කළේ කිසියම් තොරතුරක් වෙතොත් ජනතාව බිය ගැන්වීමකින් තොරව ඒවා ආරක්ෂක අංශ වෙත ලබාදිය යුතු බවයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර අවධාරණය කළේ එවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ තහවුරු කර නොමැති බවයි. 

ආරක්ෂක අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව තහවුරු කළා.