Friday, May 10, 2024

General line - 0115112241

ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙකු සැක පිට අත්අඩංගුවට

එම්.එම් .පී. ජී. පෙරේරා




අනුරාධපුර උදය මාවතේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැක සහිත සංයුක්ත තැටි 326ක් සමග මුස්ලිම් ජාතික ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ද මෙම සිද්ධිය තහවුරු කළා. අදාළ සැකකටයුතු සංයුක්ත තැටි සොයා ගෙන ඇත්තේ පොලීසිය හා යුද හමුදාව එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ පුද්ගලයාගේ නිවසේ සඟවා තිබියදී මෙම සංයුක්ත තැටි සොයා ගත් බවයි. 

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සහ සොයා ගත් සංයුක්ත තැටි සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය ප‍්‍රකාශ කළා. සැකකරු අධිකරණයට අද (13) ඉදිරිපත් කිරීමට නියමිතයි.