Friday, May 10, 2024

General line - 0115112241

ජනපති සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක්

හේමන්ත කහවලගේ




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වනවා.

එහිදී රටේ ආරක්ෂක තත්ත්වය සහ ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ චීන සංචාරයට පෙරයි. 

චීනයේ සංචාරයක් සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා. ඒ, චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහායි.

ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා දූත පිරිස ලෙස 27 දෙනෙකු සහභාගී වී සිටියා.