Friday, September 20, 2024

General line - 0115112241

කැන්ගරුවෝ පැරදිලත් ලෝක වාර්තාවක් තියලා!



සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරඟය නිමා වූයේ ශ්‍රී ලංකාවට ‍‍‍ෛළුතිහාසික ජයක් අත් කර දෙමින්.

මෙය ශ්‍රීලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දෙවන ජය වන අතර එය වාර්තා වූයේ 1999 වසරින් පසුවයි.

මෙම තරගය ඉතිහාසයට එක්වූයේ ක්‍රිකට් වාර්තා පොතට නව වාර්තා රැසක් එක්වූ තරඟයක් ලෙසිනුයි.

ඔස්ට්‍රේලියානු දෙවන ඉනිමේ  PM Nevill හා SNJ O’Keefe අතර පැවති සම්බන්ධතාවය ද වාර්තා පොත් අතරට එකතු වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා එක්ව 9වන කඩුල්ලට ලකුණු 4ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර ඒ වෙනුවෙන් ඔවුන් පන්දු 178ක් වැය කළා.

0.13ක පන්දුවට පහරදීමේ වේගයක් ගත් මෙය එතෙක් මෙතක් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවූ මන්දගාමීම පිතිකරණ සම්බන්ධතාව ලෙස වාර්තාවනවා.

මින් පෙර මෙම වාර්තාව තබා තිබුනේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඩි විලියර්ස් හා හෂීම් අම්ලා දෙදෙනා එකතුවයි.

ඔවුන් දෙදනා ඉන්දියානු කණ්ඩායමට එරෙහිව පන්දු 253කදී ලකුණු 27ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර එය 0.64ක පන්දුවට පහරදීමේ වේගයක් ගෙන තිබුණා.