Monday, July 1, 2024

General line - 0115112241

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය වසර 248ක් සපුරන ඇමෙරිකානු නිදහස සමරයි




කොළඹ, ජූනි 28: කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය, ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහසේ 248 වැනි සංවත්සරය  ගාලු මුවදොර හෝටලයේ දී උත්සවාකාරයෙන් සමරනු ලැබුවා .  

ඒ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මියගේ ප්‍රධානත්වයෙන්

මෙම වසරේ ඇමරිකානු නිදහස් දින සැමරුම හරහා ප්‍රජාතන්ත්‍රවාදයේ චිරස්ථායි ගුණය සහ එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර ඇති ශක්තිමත් හවුල්කාරිත්වය එක්සත් ජනපද තානාපතිනි අවධාරණය කර සිටියා.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජනපද තානාපති පවසා සිටියේ මෙවැන්නක් 

 “අද රාත්‍රියේ දී අපි එක්සත් ජනපදයේ ස්වාධීනත්වය සහ අපගේ ප්‍රජාතන්ත්‍රවාදයේ උපත සමරනු පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශ සඳහා දිගින් දිගටම පවතින අරගලය සහ ස්ථීර කැපවීම ආවර්ජනය කරනවා… 

වසර 248කට පෙර, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇමරිකාව නිරත වූ ඒ අත්හදා බැලිමේ දී ස්ථිරවම කිව හැකි දෙයක් තිබුණේ නැහැ. 
‘සියලුම මිනිසුන් එක හා සමානව නිර්මාණය කර ඇති බවත්, ඔවුන්ට ඔවුන්ගේ නිර්මාතෘ විසින් අත්හළ නොහැකි අයිතිවාසිකම් ලබා දී ඇති බවත්, ජීවිතය, නිදහස සහ සන්තෝෂය ලුහුබැඳීම ඒ අතරට ඇතුලත් වන බවත්, මෙම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා මිනිසුන් අතර ඔවුන්ගේ සාධාරණ බලතල ලබාගෙන ආණ්ඩු පිහිටුවා ඇති බවත්’ සඳහන් කරමින් අපේ මූලධර්ම, අපේක්ෂා සහ දැක්ම නිර්භයව ප්‍රකාශ කරමින් අපේ නිදහස ප්‍රකාශයට පත් කළා. 

නමුත් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය මෙම ප්‍රකාශයෙන් ආරම්භ වී එයින්ම අවසන් වූයේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථිතික නොවේ, එය මූලික මූලධර්ම සඳහා වූ කැපවීම් අඛණ්ඩව අලුත් කිරීමක් වනවා.

අද අපි මේ සමරන්නේ ජාතියක ආරම්භය පමණක් නොවේ, අපේ රටත්, එ.ජ.-ශ්‍රී ලංකා හවුල්කාරීත්වයත් අර්ථ දක්වන එකමුතුකමේ සහ නිදහසේ චිරස්ථායී ගුණය අපි සමරනවා.
” දශක හතක් ඉක්මවන කාලයක් පුරා දිවෙන ද්විපාර්ශ්වික සබඳතා සහ ඊටත් වඩා ඈතට දිවෙන පුද්ගලයන් අතර ඇති සබඳතා සමඟ, එක්සත් ජනපද - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය රාජ්‍ය තාන්ත්‍රික, වාණිජ, සංස්කෘතික සහ තවත් බොහෝ අංශවල දෙරටටම පොදු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ලැදියාවන් ප්‍රවර්ධනය කරමින් ශක්තිමත් වෙමින් පවතී.

 2024 නිදහස් දින සැමරුම මගින් කලාපීය සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම, බලශක්ති සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම, ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීම, ජනතාව අතර සම්බන්ධතා ගොඩනැගීම සහ අධ්‍යාපනික සහ ඉංග්‍රීසි භාෂා අවස්ථා පුළුල් කිරීම, සහ ජාත්‍යන්තර තර්ජන මැඩලීමට කටයුතු කිරීම වැනි ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය සඳහා තානාපති කාර්යාලයේ කැපවීම අවධාරනය කරයි. 

අනාගතයේ දී වඩාත් ශක්තිමත් එ.ජ.-ශ්‍රී ලංකා සම්බන්ධතාවයක් සඳහා ඇති දැක්ම පිළිබිඹු කරමින් සියළු අංශවල සහයෝගීතාවය වඩාත් ගැඹුරු ලෙස වර්ධනය කරන්නට දෙරටම කැපවී සිටිති."

එම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ කීර්තිමත් නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ව්‍යාපාරික, සිවිල් සමාජ සහ මාධ්‍ය ප්‍රජාවන්ගෙන් හවුල්කරුවන් එම අවස්ථාවට සහභාගී වී තිබෙනවා