Wednesday, May 1, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවට ලකුණු 240 ක ඉලක්කයක්

ඩිල්ෂාන් මඩවල




ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙස ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන පුහුණු තරගය මේවනවිට පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50දී කඩුළු 08ක් දැවී රැස් කර ගත්තේ ලකුණු 239ක් පමණයි.

ලහිරු තිරිමාන්න ලකුණු 56ක් ලබා ගත්තා. ධනංජය ද සිල්වා ලකුණු 43යි. ස්කොට්ලන්තයේ සදම්ප්ටන්හිදී මෙම තරගය පැවැත්වෙනවා. 

..................................................

ඔස්ට්‍රේලියාවට එරෙහි පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(27-05-2019 16:45)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී  වන දෙවන පුහුණු තරගය මේවනවිට පැවැත්වෙනවා. ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහිවයි. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. පන්දුවාර 24 ක් අවසානයේ ඔවුන් කඩුලු දෙකක් දැවී  ලකුණු 105ක්  ලබා ගෙන සිටියා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසයේ නායක දිමුත් කරුණාරත්න හා ළහිරු තිරිමාන්නයි. දිමුත් කරුණාරත්න ලකුණු 16 කට ද කුසල් ජනිත් පෙරේරා ලකුණු 12 කට ද දැවී ගියා. ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 53 යි..