Wednesday, May 8, 2024

General line - 0115112241

ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියක් සදහා පාකිස්තානයෙන් ශී‍්‍ර ලංකාවට ආරාධනයක්

කසුන් කැළුම්




සිය රටේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියක් සදහා මෙම වසර අවසානයේදී සහභාගි වන්නැයි එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ලාහෝර් කී‍්‍රීඩාංගණයේදී මෙම තරග පැවැත්විමටයි සැලසුම් කර ඇත්තේ. තරගාවලිය සදහා සපයනු ලබන ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ශ‍්‍රී ලංකා කි‍්‍රිකට් ආයතනයේ නිළධාරීන්ට පාකිස්තානයට පැමිණෙන ලෙස ද පාකිස්තාන  පාලක මණ්ඩලය ඉල්ලීමක් කර තිබෙනවා.

2009 වසරේදී ශී‍්‍ර ලංකා පිලට ලාහෝර් නුවර දී එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන්  පසු මෙතෙක් පාකිස්තානයේදී ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් පවත්වා නැහැ.  

කෙසේ වෙතත් ඉකුත් වසර කිහිපයේදී ජාත්‍යන්තර පන්දුවාර විස්ස තරග කිහිපයක්ම එරදී පැවැත්වීමට පාකිස්තාන කි‍්‍රකට් මණ්ඩලය කටයුතු කළේ දැඩි ආරක්ෂාවක් යොදමින්. ශ‍්‍රී ලංකා - පාකිස්තාන විස්සයි විස්ස තරගයක් සහ පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පන්දුවාර 20 තරග 3ක් ද පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ තරග කිහිපයක්ද පාකිස්තානයේදී එලෙස පවත්වා තිබෙනවා.