Wednesday, May 1, 2024

General line - 0115112241

ලෝක කුසලානය අදින් ඇරඹේ

කසුන් කැළුම්/ තරංග රුක්ෂාන්




2019 එක්දින ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වනවා. ඒ, එංගලන්තය සහ වේල්සයේ සම සත්කාරකත්වයෙන්. පළමු තරගය එංගලන්තය හා දකුණු  අප‍්‍රිකාව අතර අද පැවැත්වෙනවා. 

මෙවර ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් දහයේ නායකයින් සහ බි‍්‍රතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරැජිණ අතර හමුවක් ඊයේ සිදු වුණා. ඒ, බකිංහැම් මාළිගයේදීයි. මෙම අවස්ථාව සදහා හැරී කුමරුද එක්ව සිටි බවයි විදෙස් වාර්තා පවසන්නේ. 

අනතුරුව ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය බකිංහැම් මාළිගය ඉදිරිපිටදී පැවැත්වුණා. දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදින පාකිස්තාන ජාතික ළමා ක‍්‍රියාකාරිණියක සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාබාලතම සාම දූතවරිය වන මලාලා යූසුෆ්සායි ද ඒ සඳහා එක්ව සිටි බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ. 

සර් විවියන් රිචර්ඕස්, මහේල ජයවර්ධන, බ්‍රෙට් ලී, අනිල් කුම්බ්ලි සහ අසාර්  අලි වැනි ප‍්‍රවීණ කි‍්‍රකට් කී‍්‍රඩකයින්ද ඊයේ පස්වරුවේ මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටියා. 

සමාරම්භක උත්සවයේ වැඩි අවධානයක් යොමු වූයේ මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වන සියලූ රටවල් නියෝජනය කරමින් හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු සහ තවත් අයෙකු එක්ව තත්පර 60ක තරගයක් පැවැත්වීමයි. මෙහිදි ජය ලබා ගැනීමට එංගලන්තය සමත් වුණා. ඔවුන් තත්පර 60දී ලබාගත් ලකුණු සංඛ්‍යාව 74ක්. ශ‍්‍රී ලංකාව ලකුණු 43ක් ලබාගත් අතර ඔවුන්ට හිමි වූයේ 06වන ස්ථානයයි. 

අදින් ආරම්භ වන මෙම එක්දින ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධටෙන් නෙත් ස්පෝර්ට්ස්මන් තබන සටහනක් පහතින්,