Thursday, May 9, 2024

General line - 0115112241

ති‍්‍රකුණාමලයේ සිදු කෙරෙන අනවසර වැලි කැණීම් වැටලීමට විශේෂ මෙහෙයුම්

කසුන් කැළුම්




තී‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ අනවසර වැලි කැනීම් සිදු කරන ස්ථාන වැටලීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ මෙහෙයවීමෙන් නාවික හමුදාවේ සහ වලාන දූෂණ මර්ධන ඒකකයේ ද සහය ඇතිවයි.

ඒ අනුව ඉකුත් දින දෙකේදී තී‍්‍රකුණාමලය උප්පාරු පාලම අසල බලපත‍්‍ර නොමැතිව වැලි ගොඩදැමූ පුද්ගලයින් 08දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

එම දිස්ති‍්‍රක්කයේ වැලි කැනීම් සඳහා නිකුත් කර ඇති බලපත‍්‍ර පරීක්ෂාවක් ද සිදු කෙරෙන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.