Thursday, May 9, 2024

General line - 0115112241

බුද්ධි තොරතුරු සජීවීව ප‍්‍රචාරය කිරීමට එරෙහිව පාර්ශව රැසකින් විරෝධය




පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් සාක්ෂි විමසීමේදී බුද්ධි තොරතුරු මාධ්‍ය ඔස්සේ සජීව ලෙස ප‍්‍රචාරය කිරීම  ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

බුද්ධි අංශ නිලධාරීන්ගෙන් සාක්ෂි විමසීමේදී එය රහසිගතව සිදු කළ යුතු බවයි අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ ප‍්‍රකාශ කළේ. 

මේ අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් සාක්ෂි විමසීමේදී බුද්ධි තොරතුරු මාධ්‍ය ඔස්සේ සජීව ලෙස ප‍්‍රචාරය කිරීම සඳහා ගත් තීරණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද අද විරෝධය පළ කළා. මේ, ඒ පිළිබඳ අදහස් පළකළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක.