Thursday, May 9, 2024

General line - 0115112241

ත‍්‍රස්ත ප‍්‍රහාරයේ තොරතුරු දැන සිටි බවට පළවන වාර්තා ජනපති යළි ප‍්‍රතික්ෂේප කරයි

කසුන් කැළුම්




පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබද තමන්ව දැනුවත්  කිරීමක් සිදු නොකළ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉකුත් අපේ‍්‍රල් මස 8 වනදා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මාසික රැස්වීමේදී ඒ පිළිබඳ තමන් දැනුවත් කළ බවට පළ වන වාර්තා ප‍්‍රතික්‍ෂේප කරන බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ද අද නිවේදනයක් නිකුත් කළා.