Wednesday, May 1, 2024

General line - 0115112241

කලකට අමතක නොවන "ස්ටොක්ස් ගේ උඩ පන්දු රැකීම" : ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට (VIDEOS/PHOTOS)

දිනුක් හේවාවිතාරණ / කසුන් කැලුම්




2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (30) සමත් වුවා. 

කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස් කිරීමට පැමිණි එංගලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 311ක් රැස් කර ගනු ලැබුවා. එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටොක්ස් ලකුණු 89, ජේසන් රෝයි 54ක් සහ ඊයන් මෝගන් 57 ක් රැස් කර ගනු ලැබුවා.

ජයග්‍රාහි ලකුණු 312ක ඉලක්කයක් හඹා යාමට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දු ඕවර 39.5ක් තුලදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 207ක් පමණයි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් කුවින්ටන් ඩී කුක් ලකුණු 68, වෑන් ඩේර් ඩුසන් ලකුණු 50 ක් රැස් කර ගනු ලැබුවා. පන්දු යැවීමේදී ජෝෆ්ර් ආචර් ලකුණු 27 කට කඩුලු 03ක් බිඳ හෙලීමට සමත් විය.

මෙම තරගයේදී දකුණු අප්‍රිකාවේ ඇන්ඩිල් පෙලුක්වායෝ ගේ කඩුල්ල දවා ගැනීමට බෙන් ස්ටොක්ස් අල්ලා ගනු උඩ පන්දුව සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇතිව තිබෙනවා. එය කලකට අමතක නොවන සුපිරි පන්දු රැකීමක් බවයි ක්‍රීඩා විචාරකයින් හඳුන්වනු ලැබුවේ.

බෙන් ස්ටොක්ස් ගේ උඩ පන්දු රැකීමේ වීඩියෝව පහතින් :

https://www.cricketworldcup.com/video/1230828 

තරගයේ විශේෂ අවස්ථා පහතින්:

https://www.cricketworldcup.com/video/1230909/cwc19-eng-v-sa-full-match-highlights