Thursday, May 9, 2024

General line - 0115112241

යාපනයේ පිපිරීමක් : හමුදා සෙබලෙක් ජිවිතක්ෂයට

දිනුක් හේවාවිතාරණ / මාධව කුලසුරිය




යාපනය, පලාලි හි වාසවිලාන් ප්‍රදේශයේදී අද (01) සවස සිදුවු පිපිරීමකින් යුධ හමුදා සාමාජිකයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වැඩ බලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශයක මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න සදහන් කර සිටිනවා.

සිද්ධියෙන් තුවාල ලැබූවන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට ඇති බව ආරක්ෂක අංශ සදහන් කර සිටියා. වැඩබලන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බවයි.