Thursday, May 9, 2024

General line - 0115112241

රතන හිමිගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් අයහපත් අතට

කේ ඩබ්ලිව් නිශ්ශංක




මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට නිරාහාරව උපවාසයක නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරෙමින් තිබෙනවා. උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවස්ථා කිහිපයකදී වෛද්‍යවරුන් පැමිණ අද (01) පරීක්ෂා කළා.

උපවාසයේ නිරත රතන හිමියන් බැහැදැකීම සඳහා සිවිල් සංවිධාන මෙන්ම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද අද පෙරවරුවේ පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු කේ ඩබ්ලිව් නිශ්ශංක පැවසුවේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට සහය පළ කරමින් එම උපවාසයට ඊයේ එක්වූ පුද්ගලයාද අද දිනයේ ද උපවාසයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.   

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට සහය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව සිටින ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියාලේන්ද්‍රන් ද අද පෙරවරුවේ උපවාසයක් ආරම්භ කළා. ඒ, මඩකලපුව ගාන්ධි උද්‍යානයේදීයි.