Wednesday, May 1, 2024

General line - 0115112241

බංග්ලාදේශයට එරෙහි තරගයේදී දකුණු අප්‍රිකාව පළමුව පන්දුව අතට ගනී

කසුන් කැලුම්




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර තරගය ලන්ඩන්හිදී දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකානු කණ්ඩායම දිනාගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශ කණ්ඩාමට ලබා දුන්නා.

දකුණු අප්‍රිකානු දග පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තහීර් සහභාගී වන සියවන එක්දින ක්‍රිකට් තරගයද මෙය වනවා. 40 හැවිරිදි ඉම්රාන් තහීර් මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වන වයස්ගතම ක්‍රීඩකයායි. ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන පුහුණු තරග සඳහා එක් නොවූ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් අද තරගය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට කැඳවා සිටිනවා.