Friday, May 10, 2024

General line - 0115112241

තව්හිත් ජමාත් සංවිධානයට පල්ලි සාදා දුන් ඉංජිනේරුවරයෙක් අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




ජාතික තව්හිත් ජමාත් සංවිධානයට මුල්‍යම ඇතුළු නොයෙක් ආකාරයේ ආධාර අනුබල දුන් පුද්ගලයෙක් දෙහිවල, කවුඩාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හොරොව්පතාන පොලිසිය සමත්ව තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් සහීන් නසුර්දින් නම් වන අයෙක් වන අතර ඔහු  සන්නිවේදනය ඉංජිනේරුවරයෙක් ලෙස කලක් විදේශීය රටක සේවය කර ලංකාවට පැමිණ ඇති අයෙක් බවයි හෙළිවී ඇත්තේ.

පසුගිය කාල සීමාවේදී හොරොව්පතාන පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශන වලදී අත්අඩංගුවට ගනු ලබු " නියාස්" ඇතුළු ජාතික තව්හිත් ජමාත් සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරීන් ගෙන් සිදුකරනු ලැබූ ප්‍රශ්න කිරීම් වලදී මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

මෙම සැකකරු ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් වෙනුවෙන් හොරොව්පතාන ඇල්ලවැව සහ පත්තෑව යන ප්‍රදේශයන් හි දේවස්ථාන ඉදිකීරිමට අවශ්‍ය මුල්‍යම ආධාර සපයා ඇති බවට කරුණු හෙළිවී ඇති බවයි.

මෙම සැකකරු වසර 10 ක පමණ කාලයක් සවුදි අරාබියේ රැකියාව කර ඇති අතර ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව කොන්ත්‍රාත්කරුවෙක් වශයෙන් කටයුතු කරන බවට පොලිසියට ලබාදී ඇති ප්‍රකාශයෙන් හෙළිවී ඇත්තේ.

මේ වන විට සැකකරු පැය 72ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බව හොරොව්පතාන පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කර සිටියේ.