Thursday, May 2, 2024

General line - 0115112241

ලෝක කුසලාන තරගයකදී බංගලාදේශය වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරයි

කසුන් කැලුම්




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර තරගය ලන්ඩන්හිදී දැන් පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 6 ක් දැවී ලකුණු 330 ක් රැස් කිරීමට සමත් වුණා. ලෝක කුසලාන තරග ඉතිහාසයේ බංග්ලාදේශ කණ්ඩායමක් ඉනිමක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා.

බංග්ලාදේශය වෙනුවෙන් මුස්ෆිකර් රහීම් ලකුණු 78 ක් සහ ශකීබ් අල් හසන් ලකුණු 75 ක් රැස් කළා. ලකුණු 331 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසීමට නියමිතයි.