Friday, May 10, 2024

General line - 0115112241

IS ත්‍රස්තවාදීන්ට වගේම ජාතිවාදීන්ටත් එරෙහිව කටයුතු කල යුතුයි - අගමැති




ජාතිවාදි ගැටුම් ඇති කිරීමට උත්සාහ කිරීමෙන් ඉන් ජය ලබන්නේ අයි එස් ත්‍රස්තවාදීන් මිස අන් කවරකු නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළේ යාපනය නගරසභා ක්‍රීඩාංගනයේ අද (02) පැවැති සමෘද්ධි සහනාධාර ලබාදීමේ උත්සවය අමතමින්. 

" ජාතිවාදීන් බලන්නේ රටේ අවුලක් ඇති කරන්න. එහෙම අවුලක් ඇතිවුනා නම් එකේ වාසිය එන්නේ අයිඑස් ත්‍රස්තවාදීන්ට පමණයි. ජුලි කලබලවලදී වුනේ දමිල ජනතාව තරහකර ගත්තා වගේ අද මේ අයිඑස් ත්‍රස්තවාදයට විරුද්ධව සිටින මුස්ලිම් ජනතාව නිශ්ශබ්ද කර ගන්න ඕනේ. එතකොට කොහොමද මේ සටන ගෙනියන්නේ? මට බුද්ධි අංශ දැනුවත් කරලා තියෙනවා එහෙම උනොත් තොරතුරු ලබා ගන්න බැරිවෙනවා කියලා. එහෙනම් අද ජාතිවාදී කෝලාහාල ගැටුම් ඇති කරන්න කටයුතු කරන අයටත් අයිඑස් ත්‍රස්තවාදීන්ගේ ගානට දාලා කටයුතු කරන්න ඕනේ. අපි අයිඑස් ත්‍රස්තයින්ට කිසිම සමාවක් නොදී ඉන්නවා වගේම මෙහෙම ඔවුන්ට සහය දක්වන අයටත් අපි කිසිම සමාවක් නොදිය යුතු බවයි" අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා.