Wednesday, May 8, 2024

General line - 0115112241

මහනුවර නගරයේ සියලුම ව්‍යාපාර ස්ථාන හෙට වසා තැබේ

කමල් සුරවීර - මහනුවර




පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරුලියේ රතන හිමියන් විසින් ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය දීම සඳහා මහනුවර නගරය පුරා හෙට (03) දින සියලුම වෙළද ව්‍යාපාර වසා දැමිමට  තීරණය කළ බව මහනුවර සිංහල වෙළද පෙරමුණේ නියෝජිතවරයෙක් ප්‍රකාශ කර සිටිනවා.
 
හෙට දින පෙරවුරු 9.00 ට සිංහල වෙළද පෙරමුණේ සියලුම ව්‍යාපාරකයින් මහනුවර මහනුවර සිංහල වෙළද පෙරමුණේ මුලස්ථානයට පැමිණ පා ගමනින් රතන හිමියන් උපවාස කරණ ශ්‍රී දළදා මාලිගාවේ ස්ථානයට සහයෝගය දක්වන බවයි එම ප්‍රකාශකවරයා සදහන් කළා.