Wednesday, May 8, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවට එරෙහිව බංග්ලාදේශය පෙරළිකාර ජයක් වාර්තා කරයි

දිනුක් හේවාවිතාරණ




මෙවර ලෝක කුසලාන තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයේදීම ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 21ක පරාජයට පත්කරමින් පෙරළිකාර ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (02) සමත්විය. 

කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 330 ක රැස් කර ගැනීමට සමත් වුවාය. එය ලෝක කුසලාන තරගාවලියකදී බංග්ලාදේශ කණ්ඩායම වාර්තා කල වැඩිම ලකුණු සංඛ්‍යාව වීමද විශේෂත්වයක්.

බංග්ලාදේශ වෙනුවෙන් ෂකිබ් ඇල හසන් ලකුණු 75ක්, මුෂ්ෆිකර් රහීම් ලකුණු 78 ක් සහ මොහොමදුල්ලා ලකුණු 46 ක් ලබා ගනු ලැබුවා.

ජයග්‍රාහි ලකුණු 331ක ඉලක්කයක් හඹා යාමට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය නියමිත පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 309ක් පමණක් රැස් කර ගත්තා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පිත්තන් දස්කම් දැක්වූ නායක ෆැෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 62 ලබා ගත්තා.

එක්දින ශ්‍රේණිගත කිරීම් වල තෙවන ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තරගාවලියේදී තමන් මුහුණ දුන් පළමු තරග දෙකම පරාජයට පත්වීම කැපී පෙනෙන සිදුවීමක්.

එංගලන්තය සහ පකිස්ථානය අතර තරගය අද ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී අද (03) පැවැත්වීමට නියමිතයි.