Friday, May 10, 2024

General line - 0115112241

සීමා නිර්ණ ක්‍රියාවලිය නොසලකා ඕනෑම අවස්ථාවක ජන්දය තබන්න සුදානම් - ජාතික මැතිවරණ කොමිසම් සභාව

දිනුක් හේවාවිතාරණ




සීමා නිර්ණ ක්‍රියාවලිය නොසලකා ඕනෑම අවස්ථාවක කඩිනම් මැතිවරණයක් පැවැත්වීමට කොමිසම සුදානම් බව ජාතික මැතිවරණ කොමිසම් සභාව අද (03) අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

කල් පිරිම හේතුවෙන් විසුරුවා හරිනු ලැබූ උතුරු සහ සබරගමු පළාත් සභාවන් හි මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලා එම පළාත් සභාවල හිටපු මහ ඇමතිවරුන් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබු පෙත්සම් අද දිනයේදී විභාගයට ගත් අවස්ථාවේදී ජාතික මැතිවරණ කොමිසම් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මේ බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා.

මෙම පෙත්සම් අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර විනිසුරුවරුන් ඉදිරියේදී විභාගයට ගනු ලැබුවා.