Friday, May 10, 2024

General line - 0115112241

විශේෂ වැඩපිළිවෙලක් අගමැති අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරයි




පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් ආබාධිත වූ පුද්ගලයින්ට විදේශගතව ප‍්‍රතිකාර ලබාගැනීමට සිදුවන අවස්ථාවලදී රජය විසින් වියදම් දැරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් යෝජනා වී තිබෙනවා.

ඒ සඳහා වූ කැබිනට් පති‍්‍රකාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය වෙත අද (04) ඉදිරිපත් කිරීමට නියමිතයි. 

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 261 දෙනෙකු බව මේ වනවිට තහවුරු වී තිබෙනවා. එයින් 174 දෙනෙකු වෙනුවෙන් දැනටමත් වන්දි ප‍්‍රදානය කර තිබෙන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

තුවාල වූ 407 දෙනෙකු අතරින් වෛද්‍ය වාර්තා ලැබී ඇති 226 දෙනෙකු වෙනුවෙන් ද වන්දි ප‍්‍රදානය කර තිබෙනවා. තුවාල ලැබූ අනෙක් අය සඳහා ද වෛද්‍ය වාර්තා ලැබුණු වහාම වන්දි ලබාදීමට පියවර ගන්නා බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.  

මීට අමතරව හානි වූ දේවස්ථාන යළි පිළිසකර කිරීමට අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදනද රජය විසින් ලබාදී ඇතැයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.