Friday, May 10, 2024

General line - 0115112241

ඉල්ලා අස්වීම ගැනත් සැකයක්

ඩිල්ෂාන් මඩවල/ දිල්ශාන් තුෂාර




රජයේ සියලූ මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට ගත් තීරණය රට හමුවේ නැවත වරක් අලුත් ප‍්‍රශ්න ඇති කරන බව 'අපි ජාතික බලවේගය' පෙන්වා දෙනවා.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් පැවැසුවේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන රජයේ සියලූ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ඉල්ලා අස්වන බවයි.

මෙම ප‍්‍රකාශය ද වඩාත් සැක සහිත බව 'අපි ජාතික බලවේගය' පෙන්වා දෙනවා.

එහි විධායක සභාපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පෙන්වා දෙන්නේ "ඔවුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා.. එකක් තමයි ඔවුන් සමස්ථයක් පාර්ලිමේන්තුව නියෝජනය කළේ සියයට සියයක් මුස්ලිම් ඡන්ද වලින්ද?... ඔවුන් නියෝජනය කළේ මුස්ලිම් ජනතාව විතරමද?.  ඒ තුළ ජාතිවාදය නැද්ද?.  අනෙක් කරුණ චරිත 03ක් වෙනුවෙන් සමස්ථයම ඉල්ලා අස්වීම තුළින් චෝදනා ලබපු පුද්ගලයින් ආරක්ෂා කරනවාද?."යනුවෙනි.  

රට හමුවේ ඇති මෙම ප‍්‍රශ්නවලට ඉල්ලා අස් වූ සියලූ දෙනා ද ආණ්ඩුව ද පිළිතුරු ලබාදිය යුතු බවයි පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරත්න හිමියන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.