Friday, May 10, 2024

General line - 0115112241

අමාත්‍යවරු පිරිසක් ඉවත් වුවත් ආණ්ඩුව ශක්තිමත් බව පෙන්වීමට පියවර

දිල්ශාන් තුෂාර




අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් එම ධුරවලින් ඉල්ලා අස්වුවත් ආණ්ඩුව අස්ථාවර නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා. ආණ්ඩුවේ ශක්තිය පෙන්වීම සඳහා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉක්මණින් විවාදයට ගැනීමට ද යෝජනා කරන බවයි මන්ත‍්‍රීවරයා පැවසුවේ. 

රාවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන අමාත්‍යවරුන් ද ෆයිසාල් කාසිම්, එච්. එම්. එම්. හාරිස්, අමීර් අලි සහ අලි සහිර් මවුලානා යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් ද එම ධුරවලින් ඉල්ලා අස්වන බව ඊයේ (03) ප‍්‍රකාශ කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මෙම අදහස් පළ කළේ ඒ පිළිබඳ කළ විමසීමකදීයි. 

පුරප්පාඩු වන අමාත්‍ය ධුර සඳහා අනුප‍්‍රාප්තිකයන් පත් කරන්නේදැයි ද නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්න කළා. 

එහිදී "අපි බලාපොරොත්තු වනවා ඉතා ඉක්මනින්ම පරීක්ෂණ තුළින් මේ ප්‍රශ්නය විසඳයි කියලා. වැරදිකරුවන් ඉන්නවා නම් ඒ අය අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරලා..අනෙක් අය නිදොස් කරලා. ඒ කාලය තුළ මේ අමාත්‍යාංශවල වැඩකටයුතු සාර්ථකව ඉටු කරන්න කෙටි කාලයකට හෝ අමාත්‍යවරුන්.. වෙනත් අයට ඒ වගකීම භාරදිය යුතුයි." යනුවෙනි.

රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව දැන් විවාදයට ගැනීම අවශ්‍ය නොවනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.