Sunday, May 5, 2024

General line - 0115112241

ගෝලීය ත‍්‍රස්තවාදය මැඩලීමට ශී‍්‍ර ලංකාවට සහාය දෙන බව ඕස්ටේ‍්‍රලියාව කියයි




 ඕස්ටේ‍්‍රලියානු අභ්‍යන්තර කටයුතු පිළිබද අමාත්‍ය පීටර් ඩට්න් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදුවුණා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රට යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සදහාත් ගෝලීය ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීම සදහාත් සිය පූර්ණ සහාය ලබාදෙන බවයි  ඕස්ටේ‍්‍රලියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත්තේ.

මිනිස් ජාවාරම්කරුවන් විසින් සිදුකරනු ලබන අනවසර සංක‍්‍රමණ ව්‍යාපාර වැළැක්වීම සම්බන්ධයෙන්ද  ඕස්ටේ‍්‍රලියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ අග‍්‍රමාත්‍යවරයා අදහස් හුවමාරු කර ගත් බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවා.