Thursday, May 2, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියාවෙන් කොදෙව් පිළට ලකුණු 289ක ඉලක්කයක්

කසුන් කැළුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරගය නොටින්හැම්හිදි දැන් පැවැත්වෙනවා.

කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දුවාර 49 ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 288 ක් රැස් කිරීමට සමත් වුණා.

නේතන් කවුල්ටර් පන්දු 60කදි රැස්කළ ලකුණු සංඛ්‍යාව 92 ක්.  

ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ මුල් කඩුළු 5 ලකුණු 79 ක් තුළ බිද හෙළීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා.

ලකුණු 289 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 11 ක් අවසානයේ කඩුළු 2 ක් දැවී ලකුණු 58 ක් ලබා සිටියා.

කි‍්‍රස්ගේල් ලකුණු 21කට දවා ගැනීමට මිචෙල් ස්ටාර්ක් සමත් වුණා.