Sunday, May 5, 2024

General line - 0115112241

පාකිස්තානය පරදා ඕස්ට්‍රේලියාවට ජය - වර්ෂාව හේතුවෙන් තරග අතහැරීම ගැනත් විවිධ මත

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාලියේ ඊයේ (12) පැවති තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 41 ක ජයක් වාර්තා කිරීමට ඕස්ටේ‍්‍රලියාව සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියාව සියළු දෙනා දැවී ලකුණු 307ක් රැස් කළා. ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ඩේවිඞ් වෝනර් ලකුණු 107 ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී මොහොමඞ් අමීර් නියමිත පන්දුවාර 10 දී ලකුණු 30 කට කඩුලූ 5ක් බිඳ හෙලූවා. 

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 45 යි පන්දු 4 ක් තුළ සියළු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 266 ක් පමණයි. පන්දු යැවීමේදී පැට් කමින්ස් නියමිත පන්දුවාර 10 දී ලකුණු 33 කට කඩුලූ 3ක් බිඳ හෙලූවා. 

මේ අතර මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තරග කිහිපයක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ලෝක කුසලානයක් වැනි තරගාවලියක වර්ෂාව හේතුවෙන් අත්හැර දමන තරගයක් වෙනුවෙන් අතිරේක දිනයක් ලබාදිය යුතු බවයි. 

ලෝක කුසලාන තරගාවලියක අතිරේක දින ලබා නොදීම ගැටළු සහගත බව බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු ස්ටීව් රෝඞ්ස්ද පවසා තිබෙනවා. ශී‍්‍ර ලංකා - බංග්ලාදේශ තරගයද ඉකුත්දා වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.

මේ අතර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය අද (13) පැවැත්වීමට නියමිතයි.