Sunday, May 5, 2024

General line - 0115112241

ලෝක කුසලානයේ තවත් තරගයක් වර්ෂාව නිසා අත්හැර දැමේ

කසුන් කැළුම්




ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. 

ඒ, සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි. එංගලන්තයේ සදම්ප්ටන්හිදී මෙම තරගය පැවැත්වෙනවා. 

මේ අතර ලෝක කුසලාන එක්දින තරගාවලියේ ඊයේ (13) දිනයට නියමිත තරගය ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. 

මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ ඉන්දියාව සහ නවසීලන්තය අතරයි. එහෙත්, වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ කී‍්‍රඩා කිරීමට හැකි වූයේ නැහැ. ඒ අනුව දෙපිළටම ප‍්‍රසාද ලකුණු 01 බැගින් පිරිනැමුණා.