Sunday, May 5, 2024

General line - 0115112241

එංගලන්තය කොදෙව් පිතිකරුවන් මෙල්ල කරයි

සමන්ත කුමාර




ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි. එංගලන්තයේ සදම්ප්ටන්හිදී පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමේ සියළුම පිතිකරුවන් ලකුණු 212 කට දැවී ගියා. නිකලස් පූරන් ලකුණු 63 යි.

පන්දු යැවීමේදී මාර්ක් වුඞ් ලකුණු 18 කට කඩුළු 3 ක් දවාගත් අතර ජොෆ්රා ආචර් ලකුණු 30කට කඩුළු 03 ක් දවා ගත්තා. එංගලන්ත පිළ තවත් නොබෝ වේලාවකින් පන්දුවට පහරදීමට පිටියට පිවිසීමට නියමිතයි.