Sunday, April 28, 2024

General line - 0115112241

රාජ්‍ය නිළධාරීන් පීඩනයට පත් කිරීම ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විරෝධයක්

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




පාස්කු ඉරිදා ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ඇතැම් මන්තී‍්‍රවරුන්ගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් අප‍්‍රසාදය පළ කරන බව ශී‍්‍ර ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසනවා. 

මේ, එහි ජාතික සංවිධායක බී ඒ පී බස්නායක.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව දේශපාලන අරමුණු මත කි‍්‍රයාත්මක වන බවට එල්ල වන චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බව එම කාරක සභාවේ සාමාජික, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.

රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් නිකුත් කළ චක‍්‍රලේඛය පිළිබද රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරිගෙන් ප‍්‍රශ්න කිරීම පිළිබද පාර්ශව රැසකින් එල්ල වන චෝදනා සම්බන්ධයෙන්ද නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්න කළා.  

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

මේ අතර රජයේ සේවකයන්ගේ ඇදුම සම්බන්ධයෙන් සිය අමාත්‍යාංශ ලේකම්වරයා චක‍්‍රලේඛයක් නිකුත් කළේ තමන් දැනුවත්ව බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ඊයේ ප‍්‍රකාශ කළා. කෙසේවෙතත් එම චක‍්‍රලේඛය සම්බන්ධයෙන් අමාත්‍යවරයා නොදැන සිටි බවටයි අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප‍්‍රශ්න කරන අවස්ථාවේදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් කියාසිටියේ.