Sunday, April 28, 2024

General line - 0115112241

උප්පැන්න සහතික නොමැති දස ලක්ෂයක්

සජිත් තිලකරත්න




උප්පැන්න සහතික නොමැති දස ලක්‍ෂයක් පමණ ශී‍්‍ර ලංකාවේ සිටින බව රෙජිස්ට‍්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ පවසනවා. විවාහ සහතික නොමැති දස දහසක් පමණ ශී‍්‍ර ලංකාවේ සිටින බවද රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයා කියාසිටියා. 

මෙම පිරිසට උප්පැන්න සහ විවාහ සහතික නිකුත් කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

මෙවැනි සහතික නොමැතිවීමට බලපෑ හේතුද මෙහිදි පැහැදිලි කෙරුණා.