Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගන් පන්දු හමුවේ ඉන්දියාවත් පසු බසී

සමන්ත කුමාර




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය සදම්ප්ටන්හිදී මේවනවිට පැවැත්වෙනවා. කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහරදුන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 50 තුළදී රැස් කළේ ලකුණු 224ක් පමණයි. ඒ වනවිට ඔවුන්ගේ කඩුළු 08ක් බිඳ වැටුණා.

නායක විරාත් කෝලි පන්දු 63කදී ලකුණු 67ක් රැස් කළා. කේදාර් ජාදේව් ලකුණු 52 යි. පන්දු යැවීමේදී ගුල්බදීන් නයිබ් සහ මොහොමඞ් නබි කඩුළු 02 බැගින් දවා ගත්තා. ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 225ක ඉලක්කයක් හිමිව තිබෙනවා. 
...........................................

ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

(22-06-2019 16:09)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි සමත් වුණා. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. තරගය පැවැත්වෙන්නේ සදර්ම්ටන්හීදියි.

ඉන්දියාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග 4 න් 3 ක් ජයගෙන ඇති අතර එක් තරගයක් අයහපත් කාලගුණය හේතුවෙන් විසදුමකින් තොරව නිමාවට පත් වුණා. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙතෙක් තරග 5 කට ක්‍රීඩා කර ඇති අතර එම තරග 5 ම පරාජයට පත්ව තිබෙනවා.