Monday, April 29, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකා - පකිස්තාන තීරණාත්මක ලෝක කුසලාන ගැටුම අද

කසුන් කැලුම්




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය් දකුණු අප්‍රිකාව සහ පකිස්තානය අතර තරගය ලෝඞ්ස් ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වනවිට ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ 08වන ස්ථානයේයි. ඒ තරග 06කට එක්වෙමින් තරගයක් ජය ගෙන ප්‍රසාද ලකුණු 03ක් හිමිකර ගනිමින්.

පකිස්තානු කණ්ඩායම එම සටහනේ නවවන ස්ථානයේ පසුවනවා. ඔවුන් තරග 05කට ක්‍රීඩා කරමින් මේ දක්වා වාර්තා කර ඇත්තේ එක් ජයග්‍රහණයක් පමණයි. පකිස්තානු කණ්ඩායම ද ප්‍රසාද ලකුණු 03ක් ලබා සිටිනවා. මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳ යම් බලාපොරොත්තුවන් ඇති කර ගැනීමට නම් දෙපිලටම අද තරගයේ ජය තීරණාත්මක වී තිබෙනවා. 

මේවනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ නවසීලන්තයයි. ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට දෙවන ස්ථානයත්, ඉන්දීය කණ්ඩායමට 03වන ස්ථානයත් හිමිව තිබෙනවා. ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය එංගලන්ත කණ්ඩායමට හිමව ඇති අතර ශ්‍රී ලංකාව පසුවන්නේ එම සටහනේ 05වන ස්ථානයේයි. 

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළග තරගය ලබන 28වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙනවා.