Monday, April 29, 2024

General line - 0115112241

පාකිස්තාන පන්දුයවන්නන් දකුණු අපි‍්‍රකාව ලෝක කුසලානයෙන් ඉවතට යවයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය දිනා ගනු ඇතැයි අනාවැකි පළ කර තිබූ කණ්ඩායම් අතර සිටි දකුණු අපි‍්‍රකාවට මෙවර තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට ඊයේ (23) සිදුවුණා.

ඒ, තවත් තරග 02ක් ඔවුන්ට ඉතිරිව තිබියදී වීම විශේෂත්වයක්.

දකුණු අපි‍්‍රකාව සමග ඊයේ පැවැති තරගයෙන් පාකිස්තානය ජය ගත්තේ ලකුණු 49කින්. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07කට ලකුණු 308ක් රැස් කළා.

විශිෂ්ඨ ඉනිමක් කී‍්‍රඩා කළ හැරිස් සොහෙල් පන්දු 59කදී රැස කළ ලකුණු සංඛ්‍යාව 89ක්. එය සටහන් වූයේ 1992 වසරින් පසු ලෝක කුසලාන කි‍්‍රකට් තරගයකදී පාකිස්තාන මැද පෙළ පිතිකරුවෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මෙම තරගයේදී තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට ද හැරිස් සොහෙල් සමත්වුණා. 

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකාවට නියමිත පන්දුවාර 50දී කඩුළු 09කට රැස් කර ගත හැකිවූයේ ලකුණු 259ක් පමණයි. නායක පෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 63ක් රැස් කළද, සෙසු කිසිඳු පිතිකරුවෙකුට අර්ධ ශතකයක් හෝ රැස් කර ගැනීමට හැකි වූයේ නැහැ. පන්දු යැවීමේදී වහාබ් රියාස් සහ ශඩාබ් ඛාන් කඩුළු 03 බැගින් බිඳ හෙලූවා. 

ඒ අනුව දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවූ අතර ඔවුන්ට එවැනි ඉරණමක් අත්වූයේ 2003 වසරින් පසු පළමුවරට වීම විශේෂත්වයක්. මෙවර තරගාවලියේ ඔවුන් සහභාගී වන මීළග තරගය ශී‍්‍ර ලංකාවට එරෙහිව ලබන සිකුරාදා පැවැත්වෙනවා. 

මේ අතර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද (24) පැවැත්වෙනවා. ඒ, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතරයි. තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට තේරී පත්විමට නම් බංග්ලාදේශයට අද තරගය ජය ගැනීම අතිශය වැදගත්.