Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයට ලකුණු 263ක ඉලක්කයක්

කසුන් කැලුම්




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය සදම්ප්ටන්හිදී දැන් පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 7ක් දැවී ලකුණු 262 ලබා ගත්තා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 83යි. ශකීබ් අල් හසන් ලකුණු 51 ක් රැස්කළා.

පන්දු යැවීමේදී මුජීබ් රහ්මාන් ලකුණු 39කට කඩුලු 3ක් දවා ගත්තා.  ලකුණු 263ක ඉලක්කය හඹා යාම සදහා ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවන් යුගල පිටියට පිවිසීමට නියමිතයි. 

..........................................................

බංග්ලාදේශ - ඇෆ්ගනිස්තාන ලෝක කුසලාන තරගය ඇරඹෙයි

(24-06-2019 15:14)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය සදම්ප්ටන්හිදී දැන් පැවැත්වෙනවා. කාසිය වාසිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම දිනාගත් අතර ඔවුන් පළමුව පහර දීමේ අවස්ථාව බංග්ලාදේශ කණ්ඩායමට ලබා දුන්නා.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ හයවන ස්ථානයේ පසුවන්නේ බංග්ලාදේශයයි. ඇෆ්ගනිස්තානය මේ දක්වා සහභාගී වූ තරග 6ම පරාජයට පත්වෙමින් එම සටහනේ අවසන් ස්ථානයේ පසුවනවා.