Monday, April 29, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාව අභිබවමින් බංග්ලාදේශ පිළ ඉදිරියට

කසුන් කැළුම්




ශ‍්‍රී ලංකාව අභිබවමින් මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට බංග්ලාදේශය සමත්ව තිබෙනවා. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ඊයේ (24) ලද ලකුණු 62ක ජයග‍්‍රහණයත් සමගයි.

ඒ අනුව ශී‍්‍ර ලංකාව මේ වනවිට එම සටහනේ පසුවන්නේ 6 වන ස්ථානයේයි.

ඊයේ පැවති තරගයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 7ක් දැවී ලකුණු 262ක් රැස් කිරීමට සමත්වුණා.

එම ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 47ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 200ක් පමණයි. 

මෙම තරගයේදී තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ බංග්ලාදේශ කී‍්‍රඩක ශකීබ් අල් හසන් වාර්තා කිහිපයක්ම තැබීමට සමත් වීම කැපී පෙනුණා. මෙහිදී ශකීබ් අල් හසන් ලකුණු 51ක් සහ කඩුලූ 5ක් දවා ගැනීමට සමත්වුණේ බංග්ලාදේශ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත් වෙමින්. ලෝක කුසලාන තරගයක කඩුලූ 5ක් සහ අර්ධ ශතකයක් වාර්තා කළ දෙවන කී‍්‍රඩකයා ලෙස ද ඔහු මෙම තරගයේදී වාර්තා පොත් අතරට එක්වුණා. 

මීට පෙර 2011 වර්ෂයේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී අයර්ලන්තයට එරෙහිව මෙවැනි දස්කමක් දක්වා තිබුෙණේ ඉන්දීය කී‍්‍රඩක යුවරාජ් සිං. 

ලෝක කුසලාන තරගයක කඩුලූ 5ක් දවා ගත් පළමු බංග්ලාදේශ පන්දු යවන්නා වන්නේද ශකීබ් අල් හසන්. ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේදී තරග 6කට කී‍්‍රඩා කරමින් ලකුණු 476 ක් රැස්කර සිටින අතර දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 10ක්.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියක ලකුණු 400ක් සහ කඩුලූ 10ක් දවා ගත් පළමු කී‍්‍රඩකයා ලෙස නව වාර්තාවක් තැබීමට ද ශකීබ් අල්  හසන් සමත්ව තිබෙනවා.

ලෝක කුසලාන තරග ඉතිහාසයේ ලකුණු දහස සම්පූර්ණ කරමින් කඩුලූ 30ක් දවා ගත් පළමු කී‍්‍රඩකයා ලෙස නව වාර්තාවක් තැබීමට ද ඔහු සමත්වීම විශේෂත්වයක්. ලෝක කුසලාන තරග ඉතිහාසයේ ලකුණු දහස සම්පූර්ණ කළ පළමු බංග්ලාදේශ පිතිකරුවා ලෙසද ශකිබ් අල් හසන් ඊයේ වාර්තා පොත් අතරට එක් වුණා.