Monday, April 29, 2024

General line - 0115112241

එංගලන්තයට එරෙහිව ඕස්ට්‍රේලියානු නායකයාගෙන් ශතකයක්

සමන්ත කුමාර




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගය ලෝඞ්ස් ක්‍රීඩාංගනයේදී මේවනවිට පැවැත්වෙනවා. පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 285ක් රැස් කළා.

නායක ඒරොන් ෆින්ච් පන්දු 116කදී ශතකයක් වාර්තා කළේ හයේ පහර 02ක් සහ හතරේ පහර 11ක්ද සමගින්. ඬේවිඞ් වෝනර් ලකුණු 53යි. පන්දු යැවීමේදී ක්‍රිස් වෝකර්ස් ලකුණු 46කට කඩුළු 02යි.