Sunday, May 5, 2024

General line - 0115112241

එංගලන්තය අවදානමට ඇද දමමින් ඕස්ටේ‍්‍රලියාව පෙරමුණට

සමන්ත කුමාර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (25) පැවති තරගයෙන් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ජය වාර්තා කළා. ඒ, සත්කාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 64 කින් පරාජය කරමින්.

පළමුව පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියානු පිළ පන්දුවාර 50 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 285 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ එංගන්ත කණ්ඩායමට පන්දුවාර 44 යි පන්දු 4 කදී සියළු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 221 ක් පමණයි.

මෙම ජයග‍්‍රහණයත් සමග ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. එංගලන්ත කණ්ඩායම පසුවන්නේ සිව් වන ස්ථානයේයි. ඒ අනුව එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසීමට ඉදිරියේදී පැවැත්වෙන තරග තීරණාත්මක වනු ඇති.

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගය අද (26) පැවැත්වීමට නියමිතයි.